PROMT Automated Translation Software @promt Automated Translation Software

දික්කසාදය හෙවත් විප්‍රයෝගය ඇතිවීමට බලපාන පොදු කරුණු 08 ක් දැන ගන්න

දික්කසාදය හෙවත් විප්‍රයෝගය ඇතිවීමට බලපාන 
පොදු කරුණු 08 ක් දැන ගන්න
 
වගකීමට බැදීමේ ඇති උෟණතාවය (LACK OF COMMITMENT)

ලෝකයේ විවාහක පුද්ගලයන් 73% ක පමණ සෑම විටම කියනු ලබන්නේ වගකීමට බැදීමේ දුර්වලතාවය, පොරොන්දු ඉටුකිරීමේ දුර්වලතාවය, ස්වාධීනව කටයුතු කිරීම, කැපවීම් නොකිරීම යනාදී කරුණු මත විවාහය දෙදරා යා හැකි බවයි. ලෝකයේ 62% ක් යොදා ගනිමින් කරනු ලැබූ පරීක්ෂණකයට ප්‍රථිඵලයක් වශයෙන් මේ බව සොයාගත් අතර, මේ සියළුදෙනා කටුක අත්දැකීම් වලට මුහුණ දී වුවද එක්ව ජීවත් වීමට කැමැත්තෝ බව හෙළිවිය. මෙයින් 35% පිරිමින් හා 21% කාන්තාවන් කියා සිටියේ විවාහයෙන් පසුව තම තමන්ගේ රාජකාරී ඉතා බහුල වන බවයි.

පොඩි පොඩි රණ්ඩු, දබර කරගැනීම් (TOO MUCH ARGUING)

ලෝකයේ 56% විවාහය දෙදරා යාමට හේතුවන්නේ පොඩි පොඩි රණ්ඩු දබර කරගැනීම් බවයි. නිරන්තර දබර කරගැනීම් හේතුවෙන් ඕනෑම සම්බන්ධතාවයක් නැවත එක් කළ නොහැකි සේ දෙදරා යනු ලබයි. විවාහ සම්බන්ධතා පිළිබද මනෝ විද්‍යා උපදේශක ක්ලින්ටන් පවර් විසින් මේ බව ප්‍රකාශ කර ඇත. දෙදෙනෙක් අතර වන පුංචි දබර කරගැනීමට හේතු වන්නේ ඔයා මාව තේරුම් ගන්නේ නැහැ, ඔයා මම කියන දේවල් අනුමත කරන්නේ නැහැ, ඔයා මගේ දේවල් වලට වටිනාකමක් දෙන්නේ නැහැ යනාදී කරුණු වෙයි.

අනියම් සබදතා පැවැත්වීම ( INFIDELITY) 

වැදගත් නැති‍ කෙනෙකු සමග සම්බන්ධවී වංචාකාරී ලෙස සෙල්ලම් කිරීමට යාම දික්කසාදයට හේතු වේ. ලෝකයේ 55% ක් පමණ තම සහකරුට හෝ සහකාරියට වංචාකාරීවීම හේතු කොට ගෙන දික්කසාදය සිදුවීමට බලපාන බව පෙනී යයි. නොවැදගත් හැගීම්බර මිතුරු සම්බන්ධතා හේතුවෙන් විවාහය පළුදු වන බව විශේෂඥ රුත් හස්ටන් මහතා ප්‍රකාශ කරයි. එය හුදෙක් කායික සම්බන්ධතා මත පමණක් වන බවද කියා ඇත. 

බාල වයසේදී විවාහ වීම (MARRYING TOO YOUNG) 

ලෝකයේ 46% ක් පමණ කියා සිටියේ අඩු වයසේ බැදීම් හේතුකොටගෙන විවාහය පළුදු වී යන බව පෙනීයයි. අඩු වයසින් සිදුවන විවාහයන් නිසා විවාහයෙන් අවු 15 පමණ යාමේදී එය දෙදෙරා යා හැකි බව පෙනී යයි. එහෙන් මෙය මැද වයසේ දෙදෙනෙක් අතර වන විවාහයකින් ලෝකයේ 35% පමණ විවාහය පළුදු වීමේ අවස්ථාවක් ඇති බව පෙනී යයි. 

යථාර්ථවාදී නොවන බලාපොරොත්තු තබාගැනීම (UNREALISTIC EXPECTATIONS) 

ලෝකයේ 45% ක් පමණ කියා සිටින්නේනේ අනවශ්‍ය මහා බලාපොරොත්තු තබාගැනීම විවාහය දෙදෙරා යාමට හේතුවන බවයි. මෙය විශේෂයෙන් කාන්තා පාර්ශවය මගින් මෙන්ම පුරුෂ පාර්ෂවයෙන්ද සිදුවේ. මෙය බොහෝවිට සිදුවන්නේ දෙදෙ‍නාට දෙදෙනා හදුනා නොගැනීම හේතුවෙන් බව පෙනීයයි. මෙවැනි දේවල් මගහරවා ගැනීමට ඇති හොදම දෙය දෙදෙ‍නාට දෙදෙනා අනුමත කිරීම් සහ අගය කොට සැලකීමයි. මෙහිදී දෙදෙනා සහයෝගයෙන් කටයුතු කිරීම, නම්‍යශීලීභාවය යනාදියට නැඹුරුවීම මත හොද ජීවන පැවැත්මක් ලගාකර ගතහැකි බව පෙනීයයි. 

සමානාත්මතාවය පිළිබද දුර්වලතා (LACK OF EQUALITY) 

සමානාත්මතාවය පිළිබද විග්‍රහයේදී පෙන්වා දිය හැකි වන්නේ ලෝකයේ 44% දෙදෙනාගේ අසමානකම් මත වෙන්වන බවයි. අසමාන බව හා දෙදෙනාට දෙදෙනා පරයා නොයාම අවසානයේ වෙන්වීමට බලපාන කරුණකි. දෙදෙනාගේ එක් කෙනෙක් අසමාන බව පිළිබද සිතුවහොත් විවාහය දිවිය පවත්වාගෙන යා නොහැක. සම්බන්ධතාවය ඉතා භයානක තත්වයකට පත්විය හැකිය. 

යම් දෙයකට සූදානම් වීමේ උෟණතාවය (LACK OF PREPARATION) 

මෙහි අනුකූලතාවය ලෝකයේ 41% ක් පමණ කියා සිටියේ  දෙදෙනා ඕනෑම දෙයක් කිරීමේදී පෙර සූදානමක් නොවීම විවාහයට බලපාන ප්‍රධාන ගැටලුවක් බවයි. බොහෝ විවාහකයන් ඔවුනොවුන් අතර ඇතිවන අරගල හේතුවෙන් ඔවුන්ගේ එකමුතුබව බිදීයාමට හැකි බව පෙන්වා දිය හැකිය. මෙම ප්‍රශ්නය දෙදෙනා විවාහ වීමට පෙර උපදේශකයන් සමග සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබාගැනීමෙන් වෙනස් කරගත හැකි බව පෙන්වා දී ඇත. 

අනිසි දේවල් කිරීම (ABUSE) 

මෙය ලෝකයේ ඉතාමත් දුක්ඛිත දෙයක් බව පෙනී යයි. බලහත්කාරකම් කිරීම, අඩන්තේට්ටම් කිරීම, අකමැත්තෙන් ලිංගික ක්‍රියාවන් සිදුකිරීම, දූෂණය කිරීම යනාදියයි. මෙය ගෘහස්ත හිංසනය ලෙසද හැදින්විය හැකිය. එවැනි අඩන්තේට්ටම් වලට ලක්වූ කෙනෙක් නම් ඔහුට හෝ ඇයට විවාහ දිවිය බොහෝ පීඩාකාරී එකක් විය හැක. මෙය බොහෝ දුරට කාන්තා පාර්ශවයට සිදුවීමේ ප්‍රවණතාවය වැඩිය. මෙහි ආරම්භය බොහෝ කාලයක් වෙන්ව සිටීමේ ප්‍රවණතාවයක් පෙන්වන අතර අවසානයේ දික්කසාද වීම දක්වා වර්ධනය වේ. මෙවැනි අවස්ථාවක සාහසික අපරාධ පවා සිදුවන අතර, නීතිමය උප‍දෙස් ඉතා ඉක්මණින් ලබාගැනීමද අවශ්‍ය වේ.

SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment